Thursday, August 14, 2014

කැම්පස් කවියක්

ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන

බුකියෙන් මේ දැන් උස්සන ලදී. 

Wednesday, August 13, 2014

අඹ - [Mango]

Scientific Name : Mangifera indica L

ශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්.

අඹ වර්ගනම් ඉතින් කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මොකද, යන යන තැන් වල අලුත් වර්ග ගොඩක් හම්බවෙන නිසා. කර්තකොලොම්බන්, විලාඩ්, පැණි අඹ, මී අඹ, කොහු අඹ, පොල් අඹ, වල් අඹ මේ කිව්වෙ වර්ඝ කීපයක් විතරයි. පළතුරක්,ව්‍යංජනයක් විදිහට භාවිතා කරනවට අමතරව වර්ථමානයේ පානයක්(බීමක්) විදිහටත් බහුලව අඹ යොදා ගැනෙනවා. තවත් විස්තර අවශ්‍යයි කියල හිතෙනවනම් මෙතනින් ගිහිල්ල බලන්නකෝ. අඹ ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුළුවන්.






තවත් පින්තුර මෙතනින්

Friday, December 23, 2011

නොමිලේ පියානෝ එකක් ඕනෙ ද?


පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්.
අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ
zip file එක ඇරල exe එක රන් කරන්න.

Tuesday, December 20, 2011

අපේම රේඩියෝ චැනල් එකක් පටන් ගමු ද?


අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය.

www.iradeo.com


මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ..

Saturday, October 29, 2011

ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png)

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම කරන්න ගන්න පුළුවන් ලස්සන icon ටිකක් එහෙම පාවිච්චි කරලා. ඒකට හොඳම තැන් දෙකක් තමයි අද කියන්නේ,

http://www.iconfinder.com/
http://www.iconarchive.com/
 


මේවා අපේ කොම්පියුටරේ තියෙන ෆෝල්ඩර් වලටත් දාන්න පුළුවන්. පල්ලෙහයින් තියෙන්නේ අපි කෙරෑවයි කියපු වැඩේ, ඒකත් ටිකක් බලන්නකෝ,



තව මේ වගේ තැන් දන්නවනම් කමෙන්ට් එකක් විදිහට ලියල යන්නකෝ...

Thursday, September 15, 2011

බෝතලයේ ඇතුල් පැත්ත


උපුටා ගැනීමකි:   
                                                         

අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරදු වෙලා තියෙනවා.
‘‘ඉතින් විසි කරනවට වැඩිය ඒක හොඳයිනේ? කැඩෙන්නේ බිදෙන්නේ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නේ.“
ඔව්.... ඒත්....   දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුවයි ඒවා නැවත පාවිච්චි කරන්න හොඳ ද නැද් ද කියන එක තීරණය වෙන්නෙ.
‘‘ඉතන් කොහොම ද ඒක හොයාගන්නෙ?‘‘
ඔය බෝතල් වල පතුලේ ත්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා. මෙන්න මේ වගේ.......



ඒ අංක‍යෙන් කියවෙන්නේ ඒ බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද කියල යි. මේ බෝතල් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමට මේ අංකය යොදා ගන්නවා. ඒ වගේම නැවත නැවත භාවිතයට සුදුසු, නුසුදුසු බෝතල් තෝරාගැනීමටත් මේ අංකය භාවිතා කරන්න පුළුවන්. බෝහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීමේදී මේ අංකය 1,2,4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් යොදාගැනෙනවා.
බෝහෝ වතුර බෝතල් වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. මේ අංකය 1 ලෙස සඳහන් බෝතල් නිර්දෙශ කරන්නේ එක් වතාවක් පාවිච්චි කිරීමට පමණයි. හිරු එලියට නිරාවරණය වීමේදී ජලය හා එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මරාන්තික විෂ වර්ග ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක්‍රමයෙන් ඉහළට යද්දි මෙම අවදානම තරමක් අඩු බවයි කියැවෙන්නේ. මෙම පහල අගයන්නේ යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නොකරන ලද්දක්.මේවා නැවත භාවිතයේදී සිදුවන සීරීම්, හිර එලියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතල් අඩියේ ලවණ වර්ග තැම්පත්වීම් ආදී ක්‍රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් සීඝ්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වු මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරැර තුල තැම්පත් වන රසානික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක්‍රියාත්මක වෙනවා.
මේ අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ දැක ඇති......  ඒවා නැවත නැවත භාවිතයට නිර්දේශ කරනවා. විසිතුරැ ලෙසට සකස් කර තිබෙන නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බෝතල් වෙළඳපොලේ තිබෙනවා. මේවා මිලදී ගැනීමේ දී මේ අංකය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කුඩා දරැවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේදී ඔබ වඩාත් මේ ගැන සැළකිලිමත් විය යුතු යි.
එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේෂිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කීරීමේ දී ඒවා ක්‍රමවත්ව බැහැර කීරීමත් අප කාගේත් වගකීමක්. අපගේත් පරිසර‍යෙත් හිත සුව පිණිස පවතින්නේ එක් වතාවක් පමණක් භාවිතාකර ඒ බෝතල් අක්‍රමවත්ව බැහැර කිරීම නොව, නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම යි.

උපුටා ගැනීමකි:                                                            
සඳුන් රාජපක්ෂ
මහාමේඝ
2011 අගෝස්තු - සැප්තැම්බර්
2 කාණ්ඩය - 1 කලාපය
පිටු අංකය 20

Tuesday, April 5, 2011

USB 3.0 (යු එස් බී 3.0)

කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්‍රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්...

මේ වගේ ප්‍රශ්න නිසා තමයි USB 3.0  එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට  USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ‍ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා.

මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0)


මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු.




NEW USB 3.0 Super Speed Cables

 



2 Port USB 3.0 PCI Express Adapter



USB 2.0 vs USB 3.0 SuperSpeed cable comparison photo


USB 3.0 cable

(අන්තර්ජාලය ඇසුරෙන්)