Wednesday, February 23, 2011

.PDF අහන්න කැමතිද?

මේකත් පුංචිම පුංචි වැඩක්, ගොඩක් අයනම් දන්නවත් ඇති. මෙන්න මේකයි කරන්න තියෙන්නේ, මුලින්ම අහන්න ඕන pdf ෆයිල් එක Adobe reader එකෙන් විවෘත කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන ෆොටෝ එකේ විදිහට View> Read out loud> Activate read out loud කියන එක තෝරන්න. 




දැනටමත් වැඩෙන් 50%කම ඉවරයි. දැන් කරන්න තියෙන්නේ තවත් වතාවක් කලින් විදිහටම View> Read out loud
තැනට යන එක.



දැන් පෙනෙනවා නේද කලින් ඩිම් වෙලා තිබුණු command දෙකක් Active වෙලා තියෙනවා. ඒව කැමති විදිහකට සිලෙක්ට් කරල අහන්න පුළුවන්. මේ විදිහටම pdf කියවන්න පුළුවන් සොෆ්ට්වේයාර් එහෙමත් තියෙනවා, ඒවට වැඩිය මෙ ක්‍රමය පහසු වෙයි හැමෝටම.  පොඩි පොඩි සොෆ්ට්වේයාර් දාන එක අපේ කොම්පියුටරේටත් ඒ තරම් හොද නැතිලුනේ.

සමාවෙන්න ඕනේ මුලින්ම කියන්න බැරි වුනාට, මේ විදිහට කියවන්න පුළුවන් ඉංග්‍රිසියෙන් තියෙන pdf විතරයි මම හිතන්නෙ. photo වලින් හදල තියෙන pdf එකක් වුනත් කියවන්න බෑ.


4 comments:

  1. වෑදගත් පොස‍්ට් එකක් මේක ... ජයවෙවා!!!

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ඉලංදාරියෝ..

    ReplyDelete
  3. ‍හොද වැඩක්. ඔබට ජය!!

    ReplyDelete
  4. @දිනේශ් දීපාල්: ගොඩක් ස්තුතියි,අපිත් එක්කම ඉන්නකෝ. ජයවේවා!!!

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.