Friday, December 23, 2011

නොමිලේ පියානෝ එකක් ඕනෙ ද?


පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්.
අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ
zip file එක ඇරල exe එක රන් කරන්න.

Tuesday, December 20, 2011

අපේම රේඩියෝ චැනල් එකක් පටන් ගමු ද?


අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය.

www.iradeo.com


මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ..

Saturday, October 29, 2011

ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png)

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම කරන්න ගන්න පුළුවන් ලස්සන icon ටිකක් එහෙම පාවිච්චි කරලා. ඒකට හොඳම තැන් දෙකක් තමයි අද කියන්නේ,

http://www.iconfinder.com/
http://www.iconarchive.com/
 


මේවා අපේ කොම්පියුටරේ තියෙන ෆෝල්ඩර් වලටත් දාන්න පුළුවන්. පල්ලෙහයින් තියෙන්නේ අපි කෙරෑවයි කියපු වැඩේ, ඒකත් ටිකක් බලන්නකෝ,



තව මේ වගේ තැන් දන්නවනම් කමෙන්ට් එකක් විදිහට ලියල යන්නකෝ...

Thursday, September 15, 2011

බෝතලයේ ඇතුල් පැත්ත


උපුටා ගැනීමකි:   
                                                         

අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරදු වෙලා තියෙනවා.
‘‘ඉතින් විසි කරනවට වැඩිය ඒක හොඳයිනේ? කැඩෙන්නේ බිදෙන්නේ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නේ.“
ඔව්.... ඒත්....   දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුවයි ඒවා නැවත පාවිච්චි කරන්න හොඳ ද නැද් ද කියන එක තීරණය වෙන්නෙ.
‘‘ඉතන් කොහොම ද ඒක හොයාගන්නෙ?‘‘
ඔය බෝතල් වල පතුලේ ත්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා. මෙන්න මේ වගේ.......



ඒ අංක‍යෙන් කියවෙන්නේ ඒ බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද කියල යි. මේ බෝතල් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමට මේ අංකය යොදා ගන්නවා. ඒ වගේම නැවත නැවත භාවිතයට සුදුසු, නුසුදුසු බෝතල් තෝරාගැනීමටත් මේ අංකය භාවිතා කරන්න පුළුවන්. බෝහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීමේදී මේ අංකය 1,2,4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් යොදාගැනෙනවා.
බෝහෝ වතුර බෝතල් වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. මේ අංකය 1 ලෙස සඳහන් බෝතල් නිර්දෙශ කරන්නේ එක් වතාවක් පාවිච්චි කිරීමට පමණයි. හිරු එලියට නිරාවරණය වීමේදී ජලය හා එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මරාන්තික විෂ වර්ග ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක්‍රමයෙන් ඉහළට යද්දි මෙම අවදානම තරමක් අඩු බවයි කියැවෙන්නේ. මෙම පහල අගයන්නේ යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නොකරන ලද්දක්.මේවා නැවත භාවිතයේදී සිදුවන සීරීම්, හිර එලියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතල් අඩියේ ලවණ වර්ග තැම්පත්වීම් ආදී ක්‍රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් සීඝ්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වු මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරැර තුල තැම්පත් වන රසානික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක්‍රියාත්මක වෙනවා.
මේ අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ දැක ඇති......  ඒවා නැවත නැවත භාවිතයට නිර්දේශ කරනවා. විසිතුරැ ලෙසට සකස් කර තිබෙන නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බෝතල් වෙළඳපොලේ තිබෙනවා. මේවා මිලදී ගැනීමේ දී මේ අංකය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කුඩා දරැවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේදී ඔබ වඩාත් මේ ගැන සැළකිලිමත් විය යුතු යි.
එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේෂිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කීරීමේ දී ඒවා ක්‍රමවත්ව බැහැර කීරීමත් අප කාගේත් වගකීමක්. අපගේත් පරිසර‍යෙත් හිත සුව පිණිස පවතින්නේ එක් වතාවක් පමණක් භාවිතාකර ඒ බෝතල් අක්‍රමවත්ව බැහැර කිරීම නොව, නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම යි.

උපුටා ගැනීමකි:                                                            
සඳුන් රාජපක්ෂ
මහාමේඝ
2011 අගෝස්තු - සැප්තැම්බර්
2 කාණ්ඩය - 1 කලාපය
පිටු අංකය 20

Tuesday, April 5, 2011

USB 3.0 (යු එස් බී 3.0)

කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්‍රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්...

මේ වගේ ප්‍රශ්න නිසා තමයි USB 3.0  එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට  USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ‍ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා.

මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0)


මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු.




NEW USB 3.0 Super Speed Cables

 



2 Port USB 3.0 PCI Express Adapter



USB 2.0 vs USB 3.0 SuperSpeed cable comparison photo


USB 3.0 cable

(අන්තර්ජාලය ඇසුරෙන්)

Friday, March 11, 2011

ෆේස්බුක් වොයිස් චැට් ගැන දන්නවද?

ෆේස්බුක්ලගේ අලුත්ම වැඩේ තමයි මේක.මම හිතන්නේ තාම හදුන්වලාදීලත් ඒ තරම් දවසක් නෑ මම හිතන්නේ.  හරියට ගුගල් චැට් එක වගේම තමයි. ට්‍රයි එකක් දීල බලන්නකෝ. මැක්සා වැඩක්.
අවශ්‍ය වෙන්නේ දෙපැත්තේම මේ software 1 install කරන එක විතරයි. 




Thursday, March 10, 2011

Format Factory(ලෝකේ හොදම ඕඩියෝ සහ වීඩියෝ කන්වටරේ)

අදත් කියන්න ලෑස්ති වෙන්නේ ටිකක් වැදගත් වෙයි කියල හිතුන මෘදුකාංගයක් ගැන. ගොඩක් අයනම් මේ ගැන දන්නවත් ඇති, ඒත් නොදන්න කෙ‍නෙක් ඉන්නවනම් බලන්න.  සොෆ්ට්වෙයාර් තුන හතරකින්ම කරන වැඩ මේකෙන් කරගන්න පුළුවන්.

ඕනෙම ඕඩියෝ ෆයිල්  එකක්à.mp3, .WMA, .AAC, .MMF, .AMR, .M4R, .OGG, .MP2, .WAV, .Wavpack

ඕනෙම වීඩියෝ ෆයිල්  එකක්à.mp4, .3gp, .AVI, .RMVB, .WMV, .MKV, .MPG, .VOB,  .MOV, .FLV, .SWF

ඕනෙම ඉමේජ් ෆයිල්  එකක්à.JPG, .PNG, .ICO, .TGA, .BMP, .TIF, .GIF, .PCX

කියන ඕනෙම ඕනෙම ෆෝමැට් එකකට වෙනස් කරගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එකෙන්. මීට අමතරව ඕඩියෝ සහ වීඩියෝ ජොයිනර් එකක් විදිහටත්, CD,DVD කොපිකරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ සියල්ලත් සමග තිබෙන අනෙක් වැදගත්ම වාසිය තමයි මේක නොමිලේ ලබාදෙන(FOSS) මෘදුකාංගයක් වීම.


අලුත්ම සංස්කරණය තමයි Format Factory 2.60 කියන්නෙ. 38MB විතර තියෙනව, ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ. 

Tuesday, March 1, 2011

මාට්ටු නොවී හොර වැඩ කරන්න google chrome

දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ,  ඒ නිසා මේ දේ ටිකක් වැදගක් වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම  chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.



ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට කියන්නේ incognito(වෙස්වලාගත්) කියලා. incognito page එකේ ඉදල කරන කිසිම දෙයක් අපේ browser history හෝ search history යට ඇතුල් වෙන්නේ නෑ.

පහලින් තියෙන්නේ තවත් google chrome short cut ටිකක්,මේව සිංහලෙන් දාන්න ගියොත් මොනව ලියවිලා තියෙයිද කියන්න බෑ, ඒ නිසා ඉංග්‍රිසියෙන්ම තියන්නම්. 

Google Chrome feature shortcuts
Ctrl+N
Opens a new window.
Ctrl+T
Opens a new tab
Ctrl+Shift+N
Opens a new window in incognito mode.
Press Ctrl+O, then select file.
Opens a file from your computer in Google Chrome.
Press Ctrl and click a link. Or click a link with your middle mouse button (or mousewheel).
Opens the link in a new tab in the background .
Press Ctrl+Shift and click a link. Or press Shift and click a link with your middle mouse button (or mousewheel).
Opens the link in a new tab and switches to the newly opened tab.
Press Shift and click a link.
Opens the link in a new window.
Ctrl+Shift+T
Reopens the last tab you've closed. Google Chrome remembers the last 10 tabs you've closed.
Drag a link to a tab.
Opens the link in the tab.
Drag a link to a blank area on the tab strip.
Opens the link in a new tab.
Drag a tab out of the tab strip.
Opens the tab in a new window.
Drag a tab out of the tab strip and into an existing window.
Opens the tab in the existing window.
Press Esc while dragging a tab.
Returns the tab to its original position.
Ctrl+1 through Ctrl+8
Switches to the tab at the specified position number on the tab strip.
Ctrl+9
Switches to the last tab.
Ctrl+Tab or Ctrl+PgDown
Switches to the next tab.
Ctrl+Shift+Tab or Ctrl+PgUp
Switches to the previous tab.
Alt+F4
Closes the current window.
Ctrl+W or Ctrl+F4
Closes the current tab or pop-up.
Click a tab with your middle mouse button (or mousewheel).
Closes the tab you clicked.
Right-click, or click and hold either the Back or Forward arrow in the browser toolbar.
Displays your browsing history in the tab.
Press Backspace, or Alt and the left arrow together.
Goes to the previous page in your browsing history for the tab.
Press Shift+Backspace, or Alt and the right arrow together.
Goes to the next page in your browsing history for the tab.
Press Ctrl and click either the Back arrow, Forward arrow, or Go button in the toolbar. Or click either button with your middle mouse button (or mousewheel).
Opens the button destination in a new tab in the background.
Double-click the blank area on the tab strip.
Maximizes or minimizes the window.
Alt+Home
Opens your homepage in your current window.


Webpage shortcuts
Ctrl+P
Prints your current page.
Ctrl+S
Saves your current page.
F5 or Ctrl+R
Reloads your current page.
Esc
Stops the loading of your current page.
Ctrl+F
Opens the find bar.
Ctrl+G or F3
Finds the next match for your input in the find bar.
Ctrl+Shift+GShift+F3, or Shift+Enter
Finds the previous match for your input in the find bar.
Click the middle mouse button (or mousewheel).
Activates auto-scrolling. As you move your mouse, the page automatically scrolls according to the direction of the mouse.
Ctrl+F5 or Shift+F5
Reloads your current page, ignoring cached content.
Press Alt and click a link.
Downloads the target of the link.
Ctrl+U
Opens the source of your current page.
Drag a link to bookmarks bar
Saves the link as a bookmark.
Ctrl+D
Saves your current webpage as a bookmark.
Ctrl+Shift+D
Saves all open pages as bookmarks in a new folder.
F11
Opens your page in full-screen mode. Press F11 again to exit full-screen.
Ctrl and +, or press Ctrl and scroll your mousewheel up.
Enlarges everything on the page.
Ctrl and -, or press Ctrl and scroll your mousewheel down.
Makes everything on the page smaller.
Ctrl+0
Returns everything on the page to normal size.
Space bar
Scrolls down the web page.
Home
Goes to the top of the page.
End
Goes to the bottom of the page.
Press Shift and scroll your mousewheel.
Scrolls horizontally on the page.


Text shortcuts

Ctrl+C
Copies highlighted content to the clipboard.
Ctrl+V or Shift+Insert
Pastes content from the clipboard.
Ctrl+Shift+V
Paste content from the clipboard without formatting.
Ctrl+X or Shift+Delete
Deletes the highlighted content and copies it to the clipboard.


Address bar shortcuts
Type a search term, then press Enter.
Performs a search using your default search engine.
Type a search engine keyword, press Space, type a search term, and press Enter.
Performs a search using the search engine associated with the keyword.
Begin typing a search engine URL, press Tab when prompted, type a search term, and press Enter.
Performs a search using the search engine associated with the URL.
Ctrl+Enter
Adds www. and .com to your input in the address bar and open the resulting URL.
Type a URL, then press Alt+Enter.
Opens the URL in a new tab.
Ctrl+L or Alt+D
Highlights the URL.
Ctrl+K or Ctrl+E
Places a '?' in the address bar. Type a search term after the question mark to perform a search using your default search engine.
Press Ctrl and the left arrow together.
Moves your cursor to the preceding key term in the address bar
Press Ctrl and the right arrow together.
Moves your cursor to the next key term in the address bar
Ctrl+Backspace
Deletes the key term that precedes your cursor in the address bar
Select an entry in the address bar drop-down menu with your keyboard arrows, then press Shift+Delete.
Deletes the entry from your browsing history, if possible.
Click an entry in the address bar drop-down menu with your middle mouse button (or mousewheel).
Opens the entry in a new tab in the background.
Press Page Up or Page Down when the address bar drop-down menu is visible.
Selects the first or last entry in the drop-down menu.


































 Chrome help(F1) page   එකෙන් මේ ටික බලාගන්න පුළුවන්.