Wednesday, February 23, 2011

.PDF අහන්න කැමතිද?

මේකත් පුංචිම පුංචි වැඩක්, ගොඩක් අයනම් දන්නවත් ඇති. මෙන්න මේකයි කරන්න තියෙන්නේ, මුලින්ම අහන්න ඕන pdf ෆයිල් එක Adobe reader එකෙන් විවෘත කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන ෆොටෝ එකේ විදිහට View> Read out loud> Activate read out loud කියන එක තෝරන්න. 




දැනටමත් වැඩෙන් 50%කම ඉවරයි. දැන් කරන්න තියෙන්නේ තවත් වතාවක් කලින් විදිහටම View> Read out loud
තැනට යන එක.



දැන් පෙනෙනවා නේද කලින් ඩිම් වෙලා තිබුණු command දෙකක් Active වෙලා තියෙනවා. ඒව කැමති විදිහකට සිලෙක්ට් කරල අහන්න පුළුවන්. මේ විදිහටම pdf කියවන්න පුළුවන් සොෆ්ට්වේයාර් එහෙමත් තියෙනවා, ඒවට වැඩිය මෙ ක්‍රමය පහසු වෙයි හැමෝටම.  පොඩි පොඩි සොෆ්ට්වේයාර් දාන එක අපේ කොම්පියුටරේටත් ඒ තරම් හොද නැතිලුනේ.

සමාවෙන්න ඕනේ මුලින්ම කියන්න බැරි වුනාට, මේ විදිහට කියවන්න පුළුවන් ඉංග්‍රිසියෙන් තියෙන pdf විතරයි මම හිතන්නෙ. photo වලින් හදල තියෙන pdf එකක් වුනත් කියවන්න බෑ.


Sunday, February 20, 2011

World cup Live Score ඩෙස්ක්ටොප් එකෙන්ම බලාගන්න

මේ දවස්වල ඉතින් හැමෝම මැච් බලනවනේ, ඒත් ටී.වී එකක් ලඟට වෙලා මැච් එක බලන්න බැරි අය කොච්චර ඉන්නවද. ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි. වැඩෙත් කරන ගමන්ම මැච් එකේ තත්වෙත් සජීවීවම බලාගන්න පුළුවන්. Score එක විතරක් නෙමෙයි රන් රේට් එක, බෝලෙන් බෝලෙට සජීවී තොරතුරැ තව ගොඩක් දේවල් තියෙනවා.

මේකත් ඩෙස්ක්ටොප් ගැජට් එකක් වගේ එකක්, 2.5MB විතර තියෙන්නේ.

හොදයිනම් කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ....

Monday, February 14, 2011

අලුත්ම අලුත් ටොරන්ට් ඇතිවෙනකන් ෴

කලින් පෝස්ට් එකක කිව්වනේ සබ්ටයිටල් හොයාගන්න හැටි. (කෝ ඉතින් සබ්ටයිටල් දාන්න ෆිල්ම් එකක්?) හරි හරි ඕකට ඉතින් මල පනින්න ඕනේ නෑනේ, අද කියන්න යන්නේ ඒක තමයි. හෙන්ඩුව ගත්තට පස්සේ හරි කමක් නෑනේ අලියත් හම්බවෙනවනම්.


මේකත් ඉතින් ටොරන්ට් දෙයියන්ගෙම වැඩක් තමයි. ඇති වෙනකම් නෙමෙයි ඇති වෙලා අහල ගම් හතකටත් ඇති වෙනකම් ටොරන්ට් තියෙනවා. උණු උණුවෙම  රීලීස් කරපු අලුත්ම ලොවෙත් නැති බඩු.  DVD Films, Games, TV shows, Animations, Videos,Music ඕන දෙයක් බාගන්න තියෙන මැක්සා සයිට් එකක්. ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් එකේ කොලිටි බලාගන්න රේටින්ග්ස් හා ලස්සන screen shot එකකුත් තියෙනවා.





Friday, February 11, 2011

කෝහේදෝ තිබුනා මෙසේ.....

දැන ඉගෙන                                   ගත්තම
තමයි කෙනෙකුගේ                        වත්කම
                          ගුන නුවණ                                    දැක්කම                          
උබට සලකයි ලොවේ                ඔක්කොම


පුංචි වචන ටිකක් වුනාට තියෙන දේ නම් ගොඩක් ලොකුයි නේද? කොහෙද තිබුනේ කියලනම් මතක් වෙන්නෙම නෑ. ලියපු කෙනෙක් හරි තියෙන තැනක් හරි දන්නවනම් පහලින් ලියලා යන්නකෝ.

Thursday, February 10, 2011

සබ්ටයිටල් ඕනේද? එන්න...

Film 1ක් හරි tv show 1ක් හරි බාගත්තම ආතල් එක සීයට සීයක්ම තියෙන්නනම් ඉතින් කථා කරන ඒවත් තේරෙන්න ඕනේනෙ, එකට ඉතින් ගොඞක් අයට(මටත්) පිහිට වෙන්නෙ සබ්ටයිටල් තමයි.

බාගත්තෙ *.avi වගේ ෆෝමැට් එකකින්නම් ඉතින් සබ්ටයිටල් එකත් අපිටම දාගන්න වෙනවා(සමහර ඒවටනම් තියෙනවා). නිකන්ම දාගෙන හරියන්නෙත් නෑ අපි බාගත්ත වීඩීයෝ එකට ගැලපෙන එකක් වෙන්නත් ඕනේ. එකම වීඩීයෝ එකේමත් ගොඩක් සංස්කරණ තියෙනවනේ. නැත්නම් ඉතින් රූපේට කලින් සද්දේ හරි සද්දේට කලින් රූපේ හරිනේ.

Subscene.com කියන්නේ වැඩේට මරුම සයිට් එකක්. වීඩීයෝ එකේ තියෙන විදිහට නම හරියටම paste කරල සර්ච් කරන්න. *.srt ෆයිල් තමයි තියෙන්නේ, ඒ .srt ෆයිල් එක වීඩීයෝ තියෙන තැනටම දාන්න.


Subscene
සැ.යු:-*.avi ෆයිල් එකෙයි  *.srt ෆයිල් එකෙයි  නම් නිවැරදිවම සමාන විය යුතුයි.
source:-http://www.ruchirablog.com/subscene-place-subtitle-downloads

Tuesday, February 8, 2011

ෆයිල් RENAMER

දන්නවනෙ  ඉතින්  කැමරාවකින්  ගත්ත   photo ටිකක්  පිලිවෙලකට rename කරගන්න ගිහාම තියෙන අමාරුව. කින් එක type කරන්න ඔනෙ, නැත්නම් copy/paste කරන්න ඕනෙ. කොහොමද photo >>1000 විතර තිබුනොත්? 

මෙ software 1නම් වැඩේට පට්ටම තමයි. .htm, .bmp, .gif, .gif, .jpg,  .txt, .log මේ ඕනෙම ෆයිල් වර්ගයක් ලෙසියෙන්ම rename කරගන්න පුලුවන්, එක එක  නෙමයි, කීයක් තිබුනත් එකපාරින්ම. 

සම්පුර්නයෙන්ම  නම  වෙනස්  කරන්නත්  පුලුවන්, ඕනෙනම්  තියෙන නමටම අලුතින් තව කෑල්ලක්  එකතු  කරන්නත්  පුලුවන්. තව  ගොඩක් වැඩ තියෙනවා, download  [463 KB (475,048 bytes)] කරගෙනම බලන්නකො. 

මෙක හදපු මහත්තයා  ඔන්න  උදව්වකුත්  ඉල්ලනව, පුලුවන්  කෙනෙක් ඉන්නවනම් ඉතින් එහෙමත් කරන්න


Sunday, February 6, 2011

Huwai USB මොඩම් 1කෙන් Voice කෝල් ගන්න

ඔන්න ඉතින් මටත් හිතුනා බ්ලොග් 1ක් ලියන්න කියලා.කියවලා බලන්නකො ටිකක්.
USB modem එකෙන් කෝල් ගන්න පුලුවන් විදිහක් ගැන හොයන්න කියල ටිකක් බැලුවා. පොඩි සෙල්ලමක් දාල කොහොමහරි වැඩෙ කරගත්ත.
උවමනා කෙනෙක් ඉන්නවනම් ටිකක් කියවලා බලන්නකො.
මගෙ වැඩක් නම් නෙමයි.ඒ නිසා ගිහිල්ලම බලන්නකො මෙතනින්.
මම කියනවට වැඩිය මෙහෙම හොදයි මම හිතන්නෙ.