Wednesday, October 29, 2014

සින්නක්කර හේන

ඔයාගේ මව්පියෝ
මට සින්නක්කරවම
ලියලා දීපු හේන
වපුර වපුර ඉන්නකොට
මටත් හොරාට
ඔයා වෙන ගොවියෙකුට
අඳේට දීපු අපූරුව

මෙකත් බුකියෙන්ම තමයි හොරකන් කර ගත්තේ.

Tuesday, September 30, 2014

හන්තානය බෑ බුරලා පෙරලන්න - කැම්පස් කවි (2)


හන්තානය බෑ බුරලා පෙරලන්න
මහවැලි ගඟ බෑ ආපස්සට හරවන්න
හැකි ඉක්මනින් අපහට විසදුම් දෙන්න
එහෙම නැතුව බෑ අරගල නවතන්න

ගලහ හන්දියෙදින් දැක්කෙ

Monday, September 15, 2014

කා හටත් වරදී

කා හටත් වරදී
දොස් කීම වැරදී
මා හට නොවරදී
සිතන අය හට
නිතර වරදී


බුකියෙන් උස්සන ලදී, අයිතිකරු නොදනී.

Tuesday, August 19, 2014

වාරියපොල නංගි

 බුකියේ මෙ දවස් වල හෙන ප්‍රශ්නයක්ය. වාරියපොල නංගි කෙනෙක් අපෙ සහෝදරයෙකුට හතර අතේ නෙලා ඇත. කොතරම් නෙලලාද කියනවානම් අපගේ පුරුෂ භාවය කොහේද කියා දැන් හොයාගන්නටත් නැති වේලාය.

ඒ කොල්ලා හොඅද හැටි ගුටි කාගෙන දැන් ඉවරය. උගෙ තියෙන මනුස්සකමට ඌ සමාව ඉල්ලුවාය (වටේ උන්ගෙන් තව කන්න වේය කියා බයට නොවේ ). කෙල්ලද තැලෙන යකඩයක් කියා දැනගත් නිසා බය නැතුව තැලුවාය.

හොදම ටික ඇත්තෙ දැන් ය. අපේ අයියලාට දැන් බස් එකට නැග හේත්තුවක් දාන්න හිතෙන විට මහ සොනා, සිරී යකා ට වඩා භයාන්කව මතක් වන්නෙ අර කෙල්ලගෙ මූනය. වැඩේ කරන්න හිත හදා ගන්නට කොහොමත් බැරිය. කම්මුල සීතල වෙලා යනවාය.

ඇත්තටම මෙය හොද හොද මාර්කටින් පාරකි. බස් වල කාන්තා හිංසනය පිටු දකිමු කියා ස්ටිකර් අලවනවාට වඩා මෙයින් වැඩක් කරගන්න පුලුවන් වේයි. පබාවතී අක්ක කීව වගෙ කැමරා හයි කරනවටත් වඩ වියදමත් අඩු කරගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ මෙ වගෙ තව විඩීයෝ 2ක 3ක් යු ටියුබ් දාන එක විතරයි. කොහොමද නංගිගෙ ටිකිරි මොලේ. 


පින්තුරේ ගත්තෙ මෙතනින්

Friday, August 15, 2014

අද කාලේ හැදෙන පොඩි එවුන්

පොඩි එවුන් කියන්නෙ ඉතින් කොහොමත් ළග ඉන්නකොට ආතල් කෝටියක් දෙනවනෙ. ඒ වගෙ කතා සෙට් එකක්ම පහුගිය කාලෙ  බුකියෙ එහේ මෙහේ තිබුන මතකයි.


මෙ සීන් එක මට උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. කැම්පස් එකේ ඉදල ට්‍රේනින් එකට කියල කොළඹ ආවනේ, කවද කාපු ටකරන්ද ඉතින්, කොළඹ කියල දැනගෙන හිටියේ පිටකොටුවෙ බස් ස්ටැන්ඩ් එක විතරනෙ. ඔන්න ඉතින් අදුරන නෑ කෙනෙකුට එහෙම කියල බොඩිමකුත් හොයාගත්තා.

කොහොමහරි මෙ නෑ කෙනත් එක්කම බොඩිමට අවිත් නතර උනා. නතර උනාට මොකෝ මම අහගත්තෙ න මේ කොහෙද කියල. දැන් ඉතින් බොඩිම ඇතුලට වෙල ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. කෝකටත් කියල ෆෝන් එක අරගෙන බැලුව කොහෙ කියලද වැටෙන්නෙ කියල. ඒ වෙලවෙ තමයි සහොදරවරුනෙ මට ඇඩුනේ. ෆෝන් එක ඉතාමත් පැහදිළිවම වැටෙනව "වනාතමුල්ල" කියල. සින්හලෙන් කියනවනම් වනාතෙ. කොළඹ විතරක් නෙමයි, කොළඹත් හොදම ඒරීයා එකටයි ගොඩ බැහැල තියෙන්න කියල තෙරුනෙ දැන් තම්යි ඔන්න.

දැන් ඇති නේද වටේ ගියා, නෑ නෑ වටේ ගියා නෙමෙයි. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. අහලා ඇතිනේ වනතෙ පැත්තෙ අයියලා ගැන, ගොඩක් රේකොඩ් එහෙම තියලා තියෙනවනෙ අංශ ගණනාවකින්.(කු*,බ*,පා**,...).

දවසක් දෙකක් බොඩිමට වෙල ඉන්නකොට තමයි ටිකක් වට පිටාව ගැන තෙරුනෙ. බොඩිමෙ ඉන්නව පොඩි කොල්ලෙක්, ලස්සන කටක් තියෙන. ලස්සන කීවට ඉතින් මූ මෙ ලස්සන කටෙන් වචන 10ක් කීවොත් 5ක් විතර තරු දාල ලියන්න වෙන්නෙ.ඒ තරම් සුපිරි කටක් තමයි මූට පිහිටලා තිබුනෙ. කට ගෑවෙ රන් කිරිද වෙන මොනවහරිද දන් නෑ. ඔන්න මේ වීරයා අපේ බොඩිමටත් දවසක් දෙකක් විතර රින්ගුවා. රින්ගල අපිටත් වචන දෙක තුනකින් සන්ග්‍රහ කරල තමයි ආපහු යන්නෙ.
ඔන්න ඔහොම අපු දවසක බොහොම අහින්සක විදිහට මගෙ ලගට වෙලා ඉදගෙන ඉන්නවා කවදාවත් නැතුව.
ටික වෙලාවකින් මු කතා කරන්න ගත්තා.
"අයියෙ, මට චුයින්ගම් එකක් අරන් දෙන්නකො"
මමත් ඉතින් ගත් කටටම කීව මගෙ ලග සල්ලි නෑ කියලා.
විනාඩියක් විතර බලන් ඉඩල අඉත් අහනව මු "අනේ අයියේ චුයින්ගම් එකක් අරගෙන දෙනන්කෝ" කියල. මම ආයෙමත් කීව සල්ලි නෑ කියල. මෙ විදිහට දහ සැරයක් විතර කීව මගෙන් අහල අන්තිමට අහනවා, "චුයින්ගම් එකක් අරගෙන දෙන්නෙම නැද්ද" කියල.
මමත් ඉතින් ටිකක් සැර මූඩ් එකක් අරගෙන කීව "මම කීවනෙ දැන් නෑ කියල, තවත් ඉල්ලුවොත් ගහල එලවන්නෙ"
කියල.
"එහෙනම්, හෙට ඇරගෙන දෙන්නම් කියලා රවට්ටලා මම යවන්නකෝ"
අයියෝ සල්ලි කියල මට හිතුනෙ ඔන්න ඔය වෙලවේ තමයි. පව් කියලත් හිතුන, එත් මූ මොකද කරන්නෙ කියල බලන්න මම කීව "හා එහෙනම් මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්, දැන් යන්නකෝ" කියලා. අනේ කිසි කරදරයක් නැතුව ගියා මෙන්න.


ඊට පස්සෙ මම චුයින්ගම් එකක් ගෙනත් දුන්න. ඒත් තව ටික දවසක් යනකොට මට තෙරුන මේ පැත්තෙ ඉන්න අනිත් පොඩි ළමයින්ට වඩා මෙ පොඩි එකා ගොඩක් හොදයි කියලා. මේ පැත්තෙ පොඩි ළමයින්ට කුනුහරුප කියන්නෙ සාමාන්‍ය භාෂාවෙම කොටසක් වගේ. අම්මලා තාත්තලා කතාකරන්නෙ ඒ විදිහටනම ළමයි එහෙම කතා කරන එක වෙනස් වෙන්නෙ නෑනෙ කොහොමත්. මේ දෙවල් වලට වගකියන්න ඔනෙ අපෙ රට අවුරුදු ගානක ඉඩල පලනය කරපු හා දැනටත් පාලනය කරන නයකයෝ. තමුන්ගෙ වාසි වලට මෙ දුප්පත් මිනිස්සු පාවිච්චි කරල, අතඇරල දාල. ඒ මිනිස්සු එට පස්සෙ ජීවත් වෙන්න සල්ලි හම්බවෙන ඔනෙම දෙයක් කරනව දැන්.

Thursday, August 14, 2014

කැම්පස් කවියක්

ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන

බුකියෙන් මේ දැන් උස්සන ලදී. 

Wednesday, August 13, 2014

අඹ - [Mango]

Scientific Name : Mangifera indica L

ශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්.

අඹ වර්ගනම් ඉතින් කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මොකද, යන යන තැන් වල අලුත් වර්ග ගොඩක් හම්බවෙන නිසා. කර්තකොලොම්බන්, විලාඩ්, පැණි අඹ, මී අඹ, කොහු අඹ, පොල් අඹ, වල් අඹ මේ කිව්වෙ වර්ඝ කීපයක් විතරයි. පළතුරක්,ව්‍යංජනයක් විදිහට භාවිතා කරනවට අමතරව වර්ථමානයේ පානයක්(බීමක්) විදිහටත් බහුලව අඹ යොදා ගැනෙනවා. තවත් විස්තර අවශ්‍යයි කියල හිතෙනවනම් මෙතනින් ගිහිල්ල බලන්නකෝ. අඹ ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුළුවන්.






තවත් පින්තුර මෙතනින්