Thursday, March 10, 2011

Format Factory(ලෝකේ හොදම ඕඩියෝ සහ වීඩියෝ කන්වටරේ)

අදත් කියන්න ලෑස්ති වෙන්නේ ටිකක් වැදගත් වෙයි කියල හිතුන මෘදුකාංගයක් ගැන. ගොඩක් අයනම් මේ ගැන දන්නවත් ඇති, ඒත් නොදන්න කෙ‍නෙක් ඉන්නවනම් බලන්න.  සොෆ්ට්වෙයාර් තුන හතරකින්ම කරන වැඩ මේකෙන් කරගන්න පුළුවන්.

ඕනෙම ඕඩියෝ ෆයිල්  එකක්à.mp3, .WMA, .AAC, .MMF, .AMR, .M4R, .OGG, .MP2, .WAV, .Wavpack

ඕනෙම වීඩියෝ ෆයිල්  එකක්à.mp4, .3gp, .AVI, .RMVB, .WMV, .MKV, .MPG, .VOB,  .MOV, .FLV, .SWF

ඕනෙම ඉමේජ් ෆයිල්  එකක්à.JPG, .PNG, .ICO, .TGA, .BMP, .TIF, .GIF, .PCX

කියන ඕනෙම ඕනෙම ෆෝමැට් එකකට වෙනස් කරගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එකෙන්. මීට අමතරව ඕඩියෝ සහ වීඩියෝ ජොයිනර් එකක් විදිහටත්, CD,DVD කොපිකරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ සියල්ලත් සමග තිබෙන අනෙක් වැදගත්ම වාසිය තමයි මේක නොමිලේ ලබාදෙන(FOSS) මෘදුකාංගයක් වීම.


අලුත්ම සංස්කරණය තමයි Format Factory 2.60 කියන්නෙ. 38MB විතර තියෙනව, ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ. 

5 comments:

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.