Friday, August 15, 2014

අද කාලේ හැදෙන පොඩි එවුන්

පොඩි එවුන් කියන්නෙ ඉතින් කොහොමත් ළග ඉන්නකොට ආතල් කෝටියක් දෙනවනෙ. ඒ වගෙ කතා සෙට් එකක්ම පහුගිය කාලෙ  බුකියෙ එහේ මෙහේ තිබුන මතකයි.


මෙ සීන් එක මට උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. කැම්පස් එකේ ඉදල ට්‍රේනින් එකට කියල කොළඹ ආවනේ, කවද කාපු ටකරන්ද ඉතින්, කොළඹ කියල දැනගෙන හිටියේ පිටකොටුවෙ බස් ස්ටැන්ඩ් එක විතරනෙ. ඔන්න ඉතින් අදුරන නෑ කෙනෙකුට එහෙම කියල බොඩිමකුත් හොයාගත්තා.

කොහොමහරි මෙ නෑ කෙනත් එක්කම බොඩිමට අවිත් නතර උනා. නතර උනාට මොකෝ මම අහගත්තෙ න මේ කොහෙද කියල. දැන් ඉතින් බොඩිම ඇතුලට වෙල ඉන්නව ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. කෝකටත් කියල ෆෝන් එක අරගෙන බැලුව කොහෙ කියලද වැටෙන්නෙ කියල. ඒ වෙලවෙ තමයි සහොදරවරුනෙ මට ඇඩුනේ. ෆෝන් එක ඉතාමත් පැහදිළිවම වැටෙනව "වනාතමුල්ල" කියල. සින්හලෙන් කියනවනම් වනාතෙ. කොළඹ විතරක් නෙමයි, කොළඹත් හොදම ඒරීයා එකටයි ගොඩ බැහැල තියෙන්න කියල තෙරුනෙ දැන් තම්යි ඔන්න.

දැන් ඇති නේද වටේ ගියා, නෑ නෑ වටේ ගියා නෙමෙයි. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. අහලා ඇතිනේ වනතෙ පැත්තෙ අයියලා ගැන, ගොඩක් රේකොඩ් එහෙම තියලා තියෙනවනෙ අංශ ගණනාවකින්.(කු*,බ*,පා**,...).

දවසක් දෙකක් බොඩිමට වෙල ඉන්නකොට තමයි ටිකක් වට පිටාව ගැන තෙරුනෙ. බොඩිමෙ ඉන්නව පොඩි කොල්ලෙක්, ලස්සන කටක් තියෙන. ලස්සන කීවට ඉතින් මූ මෙ ලස්සන කටෙන් වචන 10ක් කීවොත් 5ක් විතර තරු දාල ලියන්න වෙන්නෙ.ඒ තරම් සුපිරි කටක් තමයි මූට පිහිටලා තිබුනෙ. කට ගෑවෙ රන් කිරිද වෙන මොනවහරිද දන් නෑ. ඔන්න මේ වීරයා අපේ බොඩිමටත් දවසක් දෙකක් විතර රින්ගුවා. රින්ගල අපිටත් වචන දෙක තුනකින් සන්ග්‍රහ කරල තමයි ආපහු යන්නෙ.
ඔන්න ඔහොම අපු දවසක බොහොම අහින්සක විදිහට මගෙ ලගට වෙලා ඉදගෙන ඉන්නවා කවදාවත් නැතුව.
ටික වෙලාවකින් මු කතා කරන්න ගත්තා.
"අයියෙ, මට චුයින්ගම් එකක් අරන් දෙන්නකො"
මමත් ඉතින් ගත් කටටම කීව මගෙ ලග සල්ලි නෑ කියලා.
විනාඩියක් විතර බලන් ඉඩල අඉත් අහනව මු "අනේ අයියේ චුයින්ගම් එකක් අරගෙන දෙනන්කෝ" කියල. මම ආයෙමත් කීව සල්ලි නෑ කියල. මෙ විදිහට දහ සැරයක් විතර කීව මගෙන් අහල අන්තිමට අහනවා, "චුයින්ගම් එකක් අරගෙන දෙන්නෙම නැද්ද" කියල.
මමත් ඉතින් ටිකක් සැර මූඩ් එකක් අරගෙන කීව "මම කීවනෙ දැන් නෑ කියල, තවත් ඉල්ලුවොත් ගහල එලවන්නෙ"
කියල.
"එහෙනම්, හෙට ඇරගෙන දෙන්නම් කියලා රවට්ටලා මම යවන්නකෝ"
අයියෝ සල්ලි කියල මට හිතුනෙ ඔන්න ඔය වෙලවේ තමයි. පව් කියලත් හිතුන, එත් මූ මොකද කරන්නෙ කියල බලන්න මම කීව "හා එහෙනම් මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්, දැන් යන්නකෝ" කියලා. අනේ කිසි කරදරයක් නැතුව ගියා මෙන්න.


ඊට පස්සෙ මම චුයින්ගම් එකක් ගෙනත් දුන්න. ඒත් තව ටික දවසක් යනකොට මට තෙරුන මේ පැත්තෙ ඉන්න අනිත් පොඩි ළමයින්ට වඩා මෙ පොඩි එකා ගොඩක් හොදයි කියලා. මේ පැත්තෙ පොඩි ළමයින්ට කුනුහරුප කියන්නෙ සාමාන්‍ය භාෂාවෙම කොටසක් වගේ. අම්මලා තාත්තලා කතාකරන්නෙ ඒ විදිහටනම ළමයි එහෙම කතා කරන එක වෙනස් වෙන්නෙ නෑනෙ කොහොමත්. මේ දෙවල් වලට වගකියන්න ඔනෙ අපෙ රට අවුරුදු ගානක ඉඩල පලනය කරපු හා දැනටත් පාලනය කරන නයකයෝ. තමුන්ගෙ වාසි වලට මෙ දුප්පත් මිනිස්සු පාවිච්චි කරල, අතඇරල දාල. ඒ මිනිස්සු එට පස්සෙ ජීවත් වෙන්න සල්ලි හම්බවෙන ඔනෙම දෙයක් කරනව දැන්.

Thursday, August 14, 2014

කැම්පස් කවියක්

ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය දවන
ආලය මරණයකි නොමැරෙන අය මරණ
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන

බුකියෙන් මේ දැන් උස්සන ලදී. 

Wednesday, August 13, 2014

අඹ - [Mango]

Scientific Name : Mangifera indica L

ශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්.

අඹ වර්ගනම් ඉතින් කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මොකද, යන යන තැන් වල අලුත් වර්ග ගොඩක් හම්බවෙන නිසා. කර්තකොලොම්බන්, විලාඩ්, පැණි අඹ, මී අඹ, කොහු අඹ, පොල් අඹ, වල් අඹ මේ කිව්වෙ වර්ඝ කීපයක් විතරයි. පළතුරක්,ව්‍යංජනයක් විදිහට භාවිතා කරනවට අමතරව වර්ථමානයේ පානයක්(බීමක්) විදිහටත් බහුලව අඹ යොදා ගැනෙනවා. තවත් විස්තර අවශ්‍යයි කියල හිතෙනවනම් මෙතනින් ගිහිල්ල බලන්නකෝ. අඹ ගැන ගොඩක් දෙවල් දැන ගන්න පුළුවන්.






තවත් පින්තුර මෙතනින්

Friday, December 23, 2011

නොමිලේ පියානෝ එකක් ඕනෙ ද?


පියානෝ ගහන එකනම් මම දන්න විදිහට හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඉතින් පුළුවන් ද කියල දැනගන්නත් එක දවසක් හරි ගහල තියෙන්න ඕනෙනෙ. මමනම් අල්ලලාවත් නෑ පියානෝ එකක්.
අද මම ගෙනාවේ මේ වැඩේට සුපිරි ගැජට් එකක්, ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ
zip file එක ඇරල exe එක රන් කරන්න.

Tuesday, December 20, 2011

අපේම රේඩියෝ චැනල් එකක් පටන් ගමු ද?


අද පොස්ට් එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතන්නේ. හැමෝම රේඩියෝ අහලනම් තියෙනවනේ, ඒත් රේඩියෝ චැනල් එකක් පටන් ගන්න එක ගොඩක් අමාරැ වැඩක් කියල නේද හිතාගෙන හිටියේ, දැන් නම් ඒක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි අවශ්්‍ය.

www.iradeo.com


මෙ තියෙන්නේ මම හදපු රේඩියෝ එක. සිංදුවකුත් අහලම යන්නකෝ..

Saturday, October 29, 2011

ලස්සනම ලස්සන icon ඇතිවෙනකන්-icons for insert to software (.ico ,.png)

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම කරන්න ගන්න පුළුවන් ලස්සන icon ටිකක් එහෙම පාවිච්චි කරලා. ඒකට හොඳම තැන් දෙකක් තමයි අද කියන්නේ,

http://www.iconfinder.com/
http://www.iconarchive.com/
 


මේවා අපේ කොම්පියුටරේ තියෙන ෆෝල්ඩර් වලටත් දාන්න පුළුවන්. පල්ලෙහයින් තියෙන්නේ අපි කෙරෑවයි කියපු වැඩේ, ඒකත් ටිකක් බලන්නකෝ,



තව මේ වගේ තැන් දන්නවනම් කමෙන්ට් එකක් විදිහට ලියල යන්නකෝ...

Thursday, September 15, 2011

බෝතලයේ ඇතුල් පැත්ත


උපුටා ගැනීමකි:   
                                                         

අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරදු වෙලා තියෙනවා.
‘‘ඉතින් විසි කරනවට වැඩිය ඒක හොඳයිනේ? කැඩෙන්නේ බිදෙන්නේ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්නේ.“
ඔව්.... ඒත්....   දන්නවද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුවයි ඒවා නැවත පාවිච්චි කරන්න හොඳ ද නැද් ද කියන එක තීරණය වෙන්නෙ.
‘‘ඉතන් කොහොම ද ඒක හොයාගන්නෙ?‘‘
ඔය බෝතල් වල පතුලේ ත්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා. මෙන්න මේ වගේ.......



ඒ අංක‍යෙන් කියවෙන්නේ ඒ බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද කියල යි. මේ බෝතල් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමට මේ අංකය යොදා ගන්නවා. ඒ වගේම නැවත නැවත භාවිතයට සුදුසු, නුසුදුසු බෝතල් තෝරාගැනීමටත් මේ අංකය භාවිතා කරන්න පුළුවන්. බෝහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීමේදී මේ අංකය 1,2,4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් යොදාගැනෙනවා.
බෝහෝ වතුර බෝතල් වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. මේ අංකය 1 ලෙස සඳහන් බෝතල් නිර්දෙශ කරන්නේ එක් වතාවක් පාවිච්චි කිරීමට පමණයි. හිරු එලියට නිරාවරණය වීමේදී ජලය හා එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මරාන්තික විෂ වර්ග ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක්‍රමයෙන් ඉහළට යද්දි මෙම අවදානම තරමක් අඩු බවයි කියැවෙන්නේ. මෙම පහල අගයන්නේ යුත් අංකවලින් නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නොකරන ලද්දක්.මේවා නැවත භාවිතයේදී සිදුවන සීරීම්, හිර එලියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතල් අඩියේ ලවණ වර්ග තැම්පත්වීම් ආදී ක්‍රියාවලීන් හේතුවෙන් මෙම විෂ වහනය වීම වඩාත් සීඝ්‍ර වෙනවා. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වු මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරැර තුල තැම්පත් වන රසානික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක්‍රියාත්මක වෙනවා.
මේ අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ දැක ඇති......  ඒවා නැවත නැවත භාවිතයට නිර්දේශ කරනවා. විසිතුරැ ලෙසට සකස් කර තිබෙන නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බෝතල් වෙළඳපොලේ තිබෙනවා. මේවා මිලදී ගැනීමේ දී මේ අංකය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කුඩා දරැවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේදී ඔබ වඩාත් මේ ගැන සැළකිලිමත් විය යුතු යි.
එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේෂිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කීරීමේ දී ඒවා ක්‍රමවත්ව බැහැර කීරීමත් අප කාගේත් වගකීමක්. අපගේත් පරිසර‍යෙත් හිත සුව පිණිස පවතින්නේ එක් වතාවක් පමණක් භාවිතාකර ඒ බෝතල් අක්‍රමවත්ව බැහැර කිරීම නොව, නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම යි.

උපුටා ගැනීමකි:                                                            
සඳුන් රාජපක්ෂ
මහාමේඝ
2011 අගෝස්තු - සැප්තැම්බර්
2 කාණ්ඩය - 1 කලාපය
පිටු අංකය 20