Thursday, February 10, 2011

සබ්ටයිටල් ඕනේද? එන්න...

Film 1ක් හරි tv show 1ක් හරි බාගත්තම ආතල් එක සීයට සීයක්ම තියෙන්නනම් ඉතින් කථා කරන ඒවත් තේරෙන්න ඕනේනෙ, එකට ඉතින් ගොඞක් අයට(මටත්) පිහිට වෙන්නෙ සබ්ටයිටල් තමයි.

බාගත්තෙ *.avi වගේ ෆෝමැට් එකකින්නම් ඉතින් සබ්ටයිටල් එකත් අපිටම දාගන්න වෙනවා(සමහර ඒවටනම් තියෙනවා). නිකන්ම දාගෙන හරියන්නෙත් නෑ අපි බාගත්ත වීඩීයෝ එකට ගැලපෙන එකක් වෙන්නත් ඕනේ. එකම වීඩීයෝ එකේමත් ගොඩක් සංස්කරණ තියෙනවනේ. නැත්නම් ඉතින් රූපේට කලින් සද්දේ හරි සද්දේට කලින් රූපේ හරිනේ.

Subscene.com කියන්නේ වැඩේට මරුම සයිට් එකක්. වීඩීයෝ එකේ තියෙන විදිහට නම හරියටම paste කරල සර්ච් කරන්න. *.srt ෆයිල් තමයි තියෙන්නේ, ඒ .srt ෆයිල් එක වීඩීයෝ තියෙන තැනටම දාන්න.


Subscene
සැ.යු:-*.avi ෆයිල් එකෙයි  *.srt ෆයිල් එකෙයි  නම් නිවැරදිවම සමාන විය යුතුයි.
source:-http://www.ruchirablog.com/subscene-place-subtitle-downloads

2 comments:

  1. මාත් භාවිතය ඕක තමයි තව http://www.podnapisi.net/en
    මෙන්න මෙකත් හොදයි..සමහර වෙලාවට නම හරියටම නොගැලපුනත් ෆ්‍රෙම් රේට් මැච් වෙනව නම් වැඩේ ගොඩ..

    හොඳ පොස්ට් එකක්..මෙහෙම දේවල් හැමොටම වැදගත්..තව ටික කාලෙකින් උඹල මෙහෙම දේවල් ගැන සිංහල යුනිකොඩ් වලින් ලිව්වම අපේ නංගිල මල්ලිලට මේව ගැන ගූගල් එකෙ සිංහලෙන් සර්ච් කරල සිංහලෙන් දැන ගන්න පුලුවන් වෙයි..සුභ පතනව හදවතින්ම බ්ලොග් මගේ දුර ගමනක් යන්න අපේ ආදරණීය හගුරාට.

    ReplyDelete
  2. @පැන්da:මේකේ භාෂා කීපයකින්ම subtitle තියෙනවා, සීංහලනම් දැක්කේ නෑ. දාන්න පුළුවන්ද කියලත් බලමු.

    ReplyDelete

බ්ලොග් එක මගේය. එහි ලියන්නෙ මම කැමති දෙවලය. එත් කොම්මෙට් බොක්ස් එක ඔබලාගේය. ඔබ කැමති දෙයක් එහි ලීවිමට ඔබට අයිතියක් ඇත.